"අපි මෙච්චර වාහන එයි කියලා හිතුවේ නෑ" - වාහන ආනයන ගැන කෝපා රැස්වීමේදී හෙළිවූ දේ මෙන්න
වාහන ආනයනයෙන් රජය අපේක්ෂා කළ ආදායම් ඉලක්කය වසර අවසානය වන විට ඉක්මවා යනු ඇති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී (COPA) අනාවරණය විය.
එම කාරක සභාව එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) රැස්වූ අවස්ථාවේදී මෙම තොරතුරු හෙළි වූ අතර, ඒ අනුව මෙම වසර සඳහා වාහන ආනයනයෙන් රුපියල් බිලියන 460ක ආදායම් ඉලක්කය දැනටමත් ඉක්මවා යමින් බිලියන 700ක් දක්වා ඉහළ යා හැකි බව වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මල්ෂානි අබේරත්න මහත්මිය සඳහන් කළාය.
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා: "වාහනවල අපේක්ෂිත ආදායම මොකක්ද මේ අවුරුද්දට?"
භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් දිලිප් සිල්වා මහතා: "මේ වසරට බිලියන 460ක්."
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා: "ඒක වෙනස් වුණේ නැද්ද?"
මල්ෂානි අබේරත්න මහත්මිය: "දැන් තියෙන තත්ත්වය අනුව ඊට වැඩිවෙනවා. මෙච්චර වාහන එයි කියලා බලාපොරොත්තු වුණේ නැහැ. අපිට පේනවා බිලියන 700ක් වගේ එන විදියක් පේනවා."
එසේම, ණයවර ලිපි (LC) සඳහා ඩොලර් මිලියන 1,570ක් සැප්තැම්බර් 16 වන විට ඇරලා ඇති බවද ඇය සඳහන් කළාය.
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා: "ණයවර ලිපි කීයක් ඇරලා තියෙනවාද?"
මල්ෂානි අබේරත්න මහත්මිය: "ඩොලර් මිලියන 1570ක්. සැප්.16 වෙනකම්."
මේ අතර, මෙම වසරේ සංචාරක ක්ෂේත්‍රයේ ආදායම ඩොලර් බිලියන 3.5ක් පමණ වනු ඇතැයි එහිදී අනාවරණ විය.
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා: "මේ වසරේ සංචාරකයෝ කීයක් එයිද?"
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ප්‍රසාද් ජයසූරිය මහතා: "මේ වසරේ මිලියන 2.4ත්, 2.5ත් අතර ගණනක් එයි. අපේ අපේක්ෂිත ආදායම් ඉලක්කය වෙන්නේ ඩො.බි.3.5ක් වගේ."
මේ අතර, විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේදී රජයට සිදුවූ පාඩුව නිරීක්ෂණය කිරීම සඳහා වෝහාරික විගණනය කඩිනමින් සිදුකරන්නැයි කාරක සභාවේ සාමාජික රාවුෆ් හකීම් මහතා ඉල්ලා සිටියේය.
රාවුෆ් හකීම් මහතා: "ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නා වීසා ගැටලුව ගැන වැරදිකරු වුණා හිටපු ආගමන විගමන පාලක ජනරාල්වරයා ඔහුට තවත් අවුරුදු දෙකක්. දැන් වෝහාරික විගණනය විගණකාධිපතිගේ ඒකට දැන් අවුරුද්දකට වැඩියි. වෝහාරික විගණනය අපි ඉල්ලපු එක, මේ වීසා ගැටලුව ගැන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියපු ඒක තවමත් වෙලා නැහැ. විගණකාධිපතිගෙන් අහන්න පුළුවන්ද ඒක ගැන මේකෙන් රජයට වුණු පාඩුව බිලියන 04කට වැඩියි."
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා: "අපි එයාට ලියමු මේකේ කඩිනම් අවශ්‍යතාවය ගැන."2025 වසර අවසානය වන විට වාහන ආනයනයෙන් රජය අපේක්ෂා කළ ආදායම් ඉලක්කය ඉක්මවා යනු ඇතැයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී (සැප්තැම්බර් 23) අනාවරණය විය.
එම කාරක සභාව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේ මෙම තොරතුරු හෙළි වූ අතර, පහත සංවාදය එහිදී සිදුවිය:
මේ අතර, 2025 වසරේ සංචාරක ක්ෂේත්‍රයෙන් ඩොලර් බිලියන 3.5ක ආදායමක් අපේක්ෂා කරන බවද හෙළි විය. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ප්‍රසාද් ජයසූරිය මහතා පැවසුවේ, මෙම වසරේ සංචාරකයින් මිලියන 2.4ත් 2.5ත් අතර ප්‍රමාණයක් පැමිණෙනු ඇති බවත්, ආදායම් ඉලක්කය ඩොලර් බිලියන 3.5ක් බවත්ය.