කැලණි ගං මිටියාවතේ තේ ගබඩා වලට ලොකු හානියක්

Report

කැලණි ගං මිටියාවතේ පවත්වාගෙන ගිය තේකුඩු ගබඩා සහ තේ ඇසුරුම් කර්මාන්තශාලා තිහක් පමණ අයහපත් කාලගුණ තත්වයෙන් මතු වූ ගංවතුරට හසුවීමෙන් විනාශ වී ඇති බව තේ අපනයනකරුවන්ගේ සංගමය සදහන් කර තිබේ.

මෙලෙස විනාශයට පත්ව ඇත්තේ අපනයනය සඳහා තේ සකස් කරන ලද සැකසුම් මධ්‍යස්ථාන සහ ගබඩා ය .

තව දුරටත් අනාවරණය වෙන්නේ කැලණි ගඟේ ගංවතුර මට්ටම ඉහළ යාම නිසා මෙම මධ්‍යස්ථානවල යන්ත්‍ර සූත්‍ර ආදියට හානි සිදුවී ඇති බවයි.

ඒ අනුව සිය ව්‍යාපාර කටයුතු ඉදිරියට කරගෙන යාමේ අර්බුදකාරී තත්ත්වයක් උද්ගතව තිබෙන බැවින් එම කර්මාන්ත ශාලා හිමියන් විසින් තේ මණ්ඩලය හරහා රජයට යෝජනා ඉදිරිපත් කර තිබේ. තේ අපනයනකරුවන් සංගමය සහ කුඩා හා මධ්‍යම පරිමාණ අපනයනකරුවන්ගේ සංගමය ලෙස මෙම යෝජනා ඉදිරිපත් කර තිබේ.

ශ්‍රීපාදස්ථානය ගැන ඇහෙන තවත් බය හිතෙන ආරංචියක් - තියෙන්නේ අක්‍රිය වු ගිනි කන්දක් මතලු

ශ්‍රීපාදස්ථානය ගැන ඇහෙන තවත් බය හිතෙන ආරංචියක් - තියෙන්නේ අක්‍රිය වු ගිනි කන්දක් මතලු

සිය කර්මාන්තශාලා සහ ගබඩා නැවත ගොඩ නගා ගැනීමට අඩු පොලී පදනම යටතේ සහන ණය මුදලක් ලබාදෙන ලෙසත් ,

අහෝසි කරන ලද සරල කරන ලද වැට් බදු ක්‍රමය (SVAT) නැවත ක්‍රියාත්මක කරන ලෙස හෝ වැට් බදු ආපසු ගෙවීම දින 45 ක් තුළ සිදුකරන ලෙසත් ,

රක්ෂණ වන්දි කඩිනමින් ලබාගැනීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් ,     

ඔවුන්ගේ යෝජනා අතර  ඇත.

අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී.කේ.ප්‍රභාත් චන්ද්‍රකීර්ති පැවසුවේ    “දිට්වා“සුළි කුණාටුවෙන් තේ වගාවට සිදුවී තිබෙන හානිය සම්බන්ධව පූර්ණ සමීක්ෂණයක් සිදුකරන බවයි.

ඒ වගේම වැවිලි කරුවන්ගේ සංගම් නියෝජිතයෝ සදහන් කරන්නේ වතු අංශයට සිදුවී තිබෙන හානිය සම්බන්ධව මේ වනවිට තොරතුරු රැස්කරමින් පවතින බවයි.

තවද දුරකථන සබඳතා බිඳවැටීම නිසා දිවයිනේ ඇතැම් වතු ප්‍රදේශවල තොරතුරු ලබාගැනීමේ දුෂ්කරතාවයක් පවතින බව ඔවුන් සදහන් කරයි.

ප්‍රභල දේශපාලන ලොක්කෙක් සජබය අතහැර යයි

ප්‍රභල දේශපාලන ලොක්කෙක් සජබය අතහැර යයි