කැළණි ගග පිටාර ගලයි.. කොළඹට රතු එළියක්..(VIDEO)

Sri Lanka Weather Colombo Kelani river overflows
By Aruna Nov 09, 2021 03:48 AM GMT
Aruna

Aruna

Report

රට පුරා ප්‍රදේශ ගණනාවකට බලපා ඇති දැඩි වර්ෂා තත්ත්වය නිසා ගංගා කිහිපයක් පිටාර ගලමින් තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ කැළනි ගග පිටාර ගැලීම හේතුවෙන් කොළඹ දිස්ත‍්‍රික්කයේ කඩුවෙල, කොලොන්නාව ඇතුළු බියගම, වත්තල, රුවන් වැල්ල දෙහිඕවිට, සීතාවක වැනි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පහත්බිම්වල සුළු ගංවතුර අවධානමක් පවතින බවයි.

මහඔයේ ජල මට්ටම ඉහළයාම මතා වරදගොල්ල, නාඋල්ල, දිවුල්දෙණිය, වැලිහිද ග්‍රාමසේවා ප්‍රදේශද අලව්ව, මීරිගම, වෙන්නප්පුව, මීගමුව සහ කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම්ද ජලයෙන් යටවීමේ අවදානමක් ඇතිව තිබේ.

කළු ගග, නිල්වලා ගග, සීතාවක ගඟ ද පිටාර මට්ටමේ පවතින අතර ඇතැම් ස්ථානවල පහත් බිම් ජලයෙන් යටවීමේ අවදානම් ඇතැයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව දන්වයි.

මේ හේතුවෙන් කොළඹට ඇතිවී තිබෙන භයානක තත්ත්වය පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha