කැලණි සහ කළු ගංගා අවදානම්. - ජනතාවට අනතුරු ඇඟවීමක්.

Weather Irrigation Department
By Wayomi May 26, 2024 11:49 AM GMT
Wayomi

Wayomi

Report

කැලණි සහ කළු ගංගාවල ධාරා ප්‍රදේශ වෙත අද දිනයේ අධික වැසි ලැබුණහොත් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු S.P.C. සුගීෂ්වර කියා සිටියේ, කළු සහ කැළණි ගංගාවල ඉහළ ප්‍රදේශවල පහත්බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් පසුවිය යුතු තත්ත්වය දක්වා ගංගාවල ජල මට්ටම ඉහළගොස් ඇති බවයි.

මේ අතර නිරිතදිග මෝසමේ බලපෑම දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට තවදුරටත් එල්ල වෙමින් පවතින අතර ‍අයහපත් කාලගුණික තත්ත්වයෙන් සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 08ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් 7ක්ම සිදුව ඇත්තේ ගස්කඩා වැටීම්වලින්.

අයහපත් කාලගුණික තත්ත්වයෙන් සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 08ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඒ අතරින් මරණ 7ක්ම සිදුව ඇත්තේ ගස්කඩා වැටීම්වලිනි.

මේ අතර කෑගල්ල අරණායක මාවනැල්ල ප්‍රධාන මාර්ගයේ ජලසම්පාදන මණ්ඩලය අසළ පිහිටි කොස් ගසක කොටසක් ට්‍රාන්ෆෝමරයක් මතට කඩාවැටී අතර ඒ, හේතුවෙන් අරණායක ප්‍රදේශයටම විදුලිය විසන්ධි වී ඇත.

එමෙන්ම කොළඹ ගම්පහ කළුතර මහනුවර කෑගල්ල නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කයන් 7ට අදාළව නිකුත්කර ඇති නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් බලපැවැත්වෙන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා. 

...............................................

May you Like


ReeCha