කෙහෙළිය සෞඛ්‍ය ඇමති ධූරයෙන් ඉවතට.- හදිස්සියේම සිදු වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය මෙන්න.
අද (23) උදෑසන සිදු කරනු ලැබූ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කර තිබෙනවා.
ඒ, අනුව ඔහු පරිසර අමාත්‍යවරයා ලෙස පත් කර ඇති අතර කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස මහින්ද අමරවීර මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී පත් කරනු ලැබුවා.
මීට අමතරව වෛද්‍ය රමේෂ් පතිරණ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර ඇත්තේ ඔහුට පෙර පැවති කර්මාන්ත අමාත්‍ය ධූරයට අමතරවයි.
එමෙන්ම දැනට මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කරන රංජිත් සියඹලාපිටිය හට කැබිනට් නොවන වැවිලි කර්මාන්ත අමාත්‍ය ධූරයක් හිමි වී තිබෙනවා.