ඖෂධ හදිසි මිල දී ගැනීම් සම්පූර්ණයෙන්ම නවතා දමයි - සෞඛ්‍ය ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්.
Keheliya Rambukwella
Sri Lanka Politician
Sri Lanka
Ministry of Health Sri Lanka
By krishani
ඉදිරි මාස කිහිපය ඇතුළත ඖෂධ හදිසි මිල දී ගැනීම් සම්පූර්ණයෙන් නවතා දැමීමට පියවර ගෙන තිබෙනවා.
ඒ බව කොළඹ පැවති මාධ්‍ය හමුවක දී කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ය.
ඒ අනුව රටේ ඖෂධ අවශ්‍යතාව සපුරා ගැනීමේ අරමුණින් පමණක් හදිසි මිල දී ගැනීම් සිදුකිරීමට පියවර ගත් බව ඔහු කියා සිටියේ ය.
මෙහිදී ඖෂධ නියාමන අධිකාරයේ පවතින අඩුපාඩු පිළිබඳ එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා අදහස් දැක් වීය.
ඒ ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය තුළ පැවති ගැටලු මේ වනවිට සම්පූර්ණයෙන්ම විසඳා ඇති බවයි.
