ඔමික්‍රෝන් ලංකාවට ඇතුළු වෙද්දී සෞඛ්‍ය ඇමති කියූ දේ මෙන්න...ජනතාවට දැනුම් දීමක්.
Sri Lanka
Keheliya rabukwella
Omicron
By Aruna
පළමු පෙළ ආශ්‍රිතයන් සහ දෙවන පෙළ ආශ්‍රිතයන් නිරෝධායනයට ?
කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙකු ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනය කරා.
වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ එම පුද්ගලයා නයිජිරියාවේ සංචාරය කර මෙරටට පැමිණි අයෙකු බවයි.
එමෙන්ම මෙම ආසදිතයාගේ පළමු පෙළ ආශ්‍රිතයන් සහ දෙවන පෙළ ආශ්‍රිතයන් සඳහා ගත හැකි සෞඛ්‍ය ක්‍රියාමාර්ග මේ වන විටත් රැගෙන ඇති බවයි අමාත්‍යවරයා අප සමඟ අදහස් දක්වමින් කියා සිටියේ.
එමෙන්ම ජනතාව අනියම් බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන අතර සෞඛ්‍ය පිළිවෙත් පිළිපැදීම අනිවාර්ය බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කරේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |