පාතාලේ අල්ලේ නටවලා වැඩ ගත්තු දේශපාලකයෝ ගැන පද්මේ වමාරයි - දැන්නම් සොරි තමයි

Report

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසන්නේ ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන එන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල කල්ලි සාමාජිකයන් හරහා බොහෝ තොරතුරු හෙලිවෙමින් ඇති බවයි.

ඇල්ල - වැල්ලවාය බස් අනතුරින් මියගිය ගණන 15ක් දක්වා ඉහළට - සියලු තොරතුරු මෙතනින්

ඇල්ල - වැල්ලවාය බස් අනතුරින් මියගිය ගණන 15ක් දක්වා ඉහළට - සියලු තොරතුරු මෙතනින්

වැඩිදුරටත් අමාත්‍යවරයා පවසන්නේ පසුගිය කාලයන්හි දේශපාලන ආධාරයෙන් සිදුව ඇති පාතාල කටයුතු ගැනද මෙම පිරිස් විසින් යම් යම් අනාවරණයන් සිදුකර ඇති බවයි.

දේශපාලනඥයන් විසින් තම කටයුතු සඳහා පාතාලය උපයෝගී කරගෙන ඇති ආකාරය ඒ හරහා හෙළි වෙමින් ඇති බව අමාත්‍යවරයා පවසයි. මේවා දැනට තොරතුරු වන අතර ඉදිරියේදී ගැඹුරු හා විධිමත් පරීක්ෂණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ඇත.

මේ පැති වලට පැය 9ක් වතුර කපනවලු - කට්ටිය දැන්ම වතුර පුරවලා තියාගන්න

මේ පැති වලට පැය 9ක් වතුර කපනවලු - කට්ටිය දැන්ම වතුර පුරවලා තියාගන්න

ඔහු පවසන ආකාරයට,

දේශපාලකයන් පාතාලකරුවන්ව හඩා වඩා ගනිමින් ඔවුන් හා සබඳතා පවත්වමින් ඔවුන්ගේ කාර්‍යයන් ඉශ්ට කරගත් ආකාරය පිලිබද තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඉදිරියේදී තවත් විධිමත් පරීක්ශන වලට අනුව කරුණු සනාත කර ගැනීම අවශ්‍ය නිසා අපරාධ පරීක්ශණ දෙපාර්තමේන්තුව විසින් මෙම විමර්ශනය මෙහෙයවයි. යන්නයි.

එහිදී මාධ්‍ය විසින් පසුගිය දිනයකදී මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් සිදුකල ප්‍රකාශයක වන " හෙට අනිද්දා කියයිද දන්නෑ අපි එක්කත් පාතාලයට සම්බන්ධයක් තිබ්බයි කියලා" යන ප්‍රකාශය පිලිබද විමසූ විට අමාත්‍යවරයා ඊට පිලිතුරු දී ඇත.

පොහොට්ටුවේ අය පද්මෙත් එක්ක ගත්ත පින්තූර ගැන සියල්ල වමාරයි - ඇත්ත නැත්ත මෙන්න

පොහොට්ටුවේ අය පද්මෙත් එක්ක ගත්ත පින්තූර ගැන සියල්ල වමාරයි - ඇත්ත නැත්ත මෙන්න

අමාත්‍යවරයා පැවසුවේ තවමත් විමර්ශන කටයුතු සිදුවන බවත් නාමල් රාජපක්ෂ එසේ පවසනවානම් ඔහු එය දන්නවා ඇති ඔහුගේ හර්දසාක්ශිය ඒ ගැන දන්නාවා ඇති.විමර්ශන වලට කලින්ම ඔහු එ වගේ දෙයක් අනාවරනය කරා නම්, අපි සාමාන්‍යයෙන් කටකතා හෝ ඕපාදූප වලට ක්‍රියා කරන්නෙ නැහැ. නිවැරදිව තොරතුරු විමර්ශනය කිරිම අවශ්‍යයි. ලෙස ඔහු පැවසුවේය.