කාත්තන්කුඩි ප්‍රදේශයේ පිපිරීමක්! තරුණයෙකුට බරපතළ තුවාල

By Shehan Mar 04, 2025 08:15 AM GMT
Report

මඩකලපුව, කාත්තන්කුඩි පොලිස් වසමට අයත් ආරයම්පති මුහුදු ප්‍රදේශයේ පාවෙන වස්තුවක් විවෘත කිරීමට උත්සාහ කිරීමේදී සිදුවූ පිපිරීමකින් තරුණයෙකු බරපතළ තුවාල ලබා තිබේ.

ඊයේ (03) සවස සිදුවූ මෙම සිද්ධියෙන් බරපතළ තුවාල ලබා ඇත්තේ තිරුනිට්රුකේනි, ආරයම්පති හි පදිංචි 23 හැවිරිදි වර්ධරාජන් ය.

බෙදුම්කරුවන් එකඟතාවකට එයි! තෙල් අර්බුදය අවසන්?

බෙදුම්කරුවන් එකඟතාවකට එයි! තෙල් අර්බුදය අවසන්?

තුවාලකරුව ආරයම්පති රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇත. තරුණයන් සිව්දෙනෙකු මුහුදේ දිය නාමින් සිටියදී මුහුදේ පාවෙමින් තිබූ වස්තුව විවෘත කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී මෙම පිපිරීම සිදුවී තිබේ.

සිද්ධිය වූ ස්ථානයට පොලීසිය සහ හමුදා නිලධාරීන් පැමිණ ඇති අතර මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.