මෙදා සැරේ කතරගම ඇරඹුණේ මෙන්න මෙහෙමයි..

Mahinda Rajapakshe Katharagama dewalaya Randooli perahara
By Aruna Jul 11, 2021 04:19 AM GMT
Aruna

Aruna

Report

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම පෙරහැර ඊයේ වීථි සංචාරය කෙරුණා.

ඒ රාත්‍රී 8.00ට යෙදුණු සුබ මොහොතින්. වාසනා හස්ති රාජයා මත කතරගම දෙවියන්ගේ දේවාභරණ තැන්පත් කිරීමෙන් අනතුරුව පෙරහර මංගල්‍යය ආරම්භ කෙරුණු බවයි ප්‍රදේශයේ අප වාර්තාකරු සඳහන් කළේ.

රුහුණු කතරගම මහා දේවාලයේ ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් පිටවී ප්‍රධාන වීථිය ඔස්සේ පෙරහර ගමන් ආරම්භ කෙරුණා.

කොරෝනා වසංගතය හේතුවෙන් මෙවරත් ජන සහභාගිත්වයකින් තොරවයි පෙරහර මංගල්‍යය සිදු කෙරුණේ.

කතරගම මහ පෙරහරේ අවසන් මහා රන්දෝලි පෙරහර එළඹෙන 23 වනදා වීථි සංචාරය කිරීමට නියමිතයි.

ඊයේ දින ප්‍රථම පෙරහර නැරඹීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද එක්ව සිටීම විශේෂත්වයක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha