තරුණයින් රැසක් හඩවමින් ජනප්‍රිය සුරූපී නිලි කස්තුරි ජයවර්ධන ඇගේ ආදරවන්තයා ගැන හෙළි කරයි (PHOTOS)

sri lanka gossip Kasthuri jayawardhana
By Sithumi Dec 10, 2021 06:08 PM GMT
Sithumi

Sithumi

Report

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී රංගන ශිල්පිනියක් තමයි කස්තුරි නෙල්කා ජයවර්ධන කියලා කියන්නේ.

ඉතින් ඒ වගේම මේ දිනවලද පුංචි තිරය ඔස්සේ සිරස නාලිකාවේ විකාශන වන නීල පබළු ටෙලි නාට්‍යයේ මහීමා ලෙසත් ස්වාධීන රූපවාහිනියේ විකාශනය වන සැප්තැම්බරයේ දිග දවසක් මෙන්ම දෙරණ රූපවාහිනි සේවයේ අලුත්ම ටෙලි නාට්‍යය වන හිතුවක්කාර ටෙලි නාට්‍යයේ තමාලි ලෙසද ප්‍රේක්ෂකයින් හමුවට එනවා.

ඉතින් මේ දක්ෂ සුරූපී රංගන ශිල්පිනිය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් ඇයගේ අලුත්ම තොරතුරු ගැන මෙන්න මේ විදිහටයි කතා බහ කරලා තිබුනේ. මම ඉපදුණේ බදුල්ලේ.

හැදුණේ වැඩුණේ මහියංගනයේ. මේ වනවිට පදිංචි වෙලා ඉන්නේ කොට්ටාවේ. මගේ උපන් දිනය 1998 ඔක්තොම්බර් මාසේ 12 වෙනිදා. දැන් මට වයස අවුරුඳු 23 යි. ඉතින් ඒ වගේම මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තායි, මමයි, නංඟියි. තාත්තා ව්‍යාපාරිකයෙක්. අම්මා ගෘහණියක්. නංඟි තාම ඉගෙන ගන්නවා.

මම සාමාන්‍ය පෙළ කළේ මහියංගනයේ ජාතික පාසලෙන්. උසස් පෙළ බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන්. ඉතින් ඒ වගේම මම දැනට රුහුණු විශ්ව විද්‍යාලයේ කලා පිඨයේ දෙවැනි වසරෙහි ඉගෙනුම ලබමින් ඉන්නවා. මම 2019 වසරේදී ටීවී දෙරණ අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වුණා. එයින් දෙවැනි ස්ථානය ලබා ගනිමින් ජයග්‍රහණය කරන්න මට පුළුවන් වුණා. එතැනින් පස්සේ තමයි මට රංගනයට එකතු වෙන්න අවස්ථාව ලැබුණේ.

ඉතින් ඒ වගේම මට මුලින්ම රංගනයට අවස්ථාව ලැබුණේ හිරු ටීවී එකේ විකාශය වූ හුස්මක් තරමට ටෙලි නාට්‍යයේ ඊට පස්සේ සක්කාරං, හිරු දෙවියෝ, දාංගලෙ වැනි ටෙලිනාට්‍ය රැසකම මට රඟපාන්න අවස්ථාව ලැබුණා.

ඉතින් ඒ වගේම මේ දිනවල සිරස ටීවී එකේ සතියේ දින පහේම යන නිල පබළු ටෙලි නාට්‍යයේ මහීමා ලෙසත්, ITN එකේ සති අන්තයේ රාත්‍රි 7.30 ට යන සැප්තැම්බරයේ දිග දවසක්,ඒ වගේම ITN එකේ සතියේ දිනවල දෙරණ රූපවාහිනි නාළිකාවේ අලුත්ම ටෙලි නාට්‍ය වන හිතුවක්කාර එකේ තමාලි ලෙසත් ටෙලි නාට්‍ය රැසකින් මම ප්‍රේක්ෂකයන් අතරට එනවා.

ඉතින් ඒ වගේම ඇත්තටම මම තාම පෙම්වතියක් නෙමෙයි. කලා ක්ෂේත්‍රයේම අයෙක් වුණත් වෙනත් ක්ෂේත්‍රයක අයෙකු වුණත් මගේ හිතට වැදුණොත් මට හරියයි, හොදයි, මට ගැළපෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නෑ. අද කාලේ අය විවිධාකාරයි. හරිහැටි අදුරගන්න බෑ. ස්ථිරව විශ්වාසයක් කරන්නත් බැරි තත්වයක අයනේ ඉන්නේ. ඒ තරමටම අද හරිම අමාරු යුගයක් නිර්මාණය වෙලා තියෙන්නේ. නමුත් ඒ ගැනත් තීරණයකට එන්න ඕනේ. ඉස්සරහට බලමු.

ඉතින් ඒ වගේම මම කැමති විදිහට මටම ආදරේ කරලා කෙනෙක්ව හොයා ගන්න ගෙදරින් නිදහස දීලයි තියෙන්නේ. ඒකට කිසිදු බාධාවක් නෑ. ගෙදර අය දන්නවා මං වැරදි තීරණයක් ගන්නේ නෑ කියලා. මං කැමතියි මට හරියන විදිහට අවබෝධයෙන් නිවැරදි දේ කරන්න මට නිදහස දෙන්න පුළුවන් විදිහේ කෙනෙක්ට.

ඇත්තටම මට නිදහසක් තියෙන්න ඕනේ. නිතී රීතී දාලා මාව රාමුවකට කොටු කිරිම මං කොහෙත්ම අනුමත කරන්නේ නෑ කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha