කසිප්පු වලට බැටරි ඇසිඩ් මාරු වී දෙදරු පියා මරුට.

Galle Kasippu Battery acid
By Aruna Jun 16, 2021 08:06 AM GMT
Aruna

Aruna

Report

ලොරි රථයක බැටරිය අක්‍රියවිම නිසා බැට්රි ඇසිඩ් මාරුකිරිමට පැමිණි තිදෙනෙකු සමග මත්පැන් පානය කරමින් සිටියදි දෙදරුපියෙකු වැරදිමකින් බැටරි ඇසිඩ් පෙවිම හේතුවෙන් මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවති හදිසි මරණ පරික්ෂණයකදි අනාවරණය වි ඇත.

මිය ගොස් ඇත්තේ ගාල්ල බටදුව පුර්වාරාම මාවතේ පදිංචි 53 හැවිරිදිවියේ පසුවන දෙදරු පියෙකුවන ගරාජ් බාස්වරයෙකි.

මේ මරණය සම්බන්ධව ගාල්ල නාගරික හදිසි මරණ පරික්ෂක වෛද්‍ය බි.ජි.එන් කරුණාතිලක මහතා විසින් කරාපිටිය ශික්ෂණ රෝහලේ දි හදිසිමරණ පරික්ෂණය පැවැත්විණි.

ලොරි රථයේ බැටිරි ඇසිඩි මාරුකිරිම සදහා ලොරි රථයේ හිමිකරු තවත් දෙදෙනෙකු සමග මෙම ගරාජයට පැමිණ ඇත.

මොවුන් නිතිවිරෝධි මත්පැන් බෝතලයක් හා ඇසිඩ් බොතල් 02ක් රැගෙනවිත් ඇත.

බැටිරිය චාජ්කිරිමේ උපකරණයට සවිකොට බැටරිය චාජ් වන තුරු මොවුන් තිදෙනා ගරාජ් බාස්වරයා සමග මත්පැන් පානය කොට ඇත.

නිතිවිරෝධි මත්පැන් බි වෙරි මතින් වැරදිමකින් මත්පැන් වෙනුවට බැටිරි ඇසිඩ් සොඩා සමගග කලවම්කර පානය කර ඇති බව පරික්ෂණවලදි අනාවරණය වි ඇත.

පසුව බැටරිය චාජ් කිරිමට පැමිණි පද්ගලයින් ගරාජබාස්වරයා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇත.

පසුව ප්‍රථිකාර ලබමින් සිටියදි ඔහු මියගොස් ඇත.

මියගිය දෙදරුපියාගේ පශ්චාත් මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි යු.ජි.පි.ජයරත්න මහතා විසින් සිදුකරන ලදි.

ඉදිරිපත් වු සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලටගත් මරණ පරික්ෂකවරයා පිළිස්සුම් දියරයක් (බැටිරි ඇසිඩ්) ශරිරගතවිමෙන් මරණය වි ඇති බවට තින්දු කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now