කරාපිටිය පිළිකා අංශ ප්‍රධානී රිමාන්ඩ්

Report

අද (18)ගාල්ල මහෙස්ත්‍රාත්වරයා කරාපිටිය ශික්ෂණ රෝහලේ කනිෂ්ඨ කාර්යමණ්ඩල සේවිකාවකට පහරදුන් බවට චෝදනා එල්ලවූ විශේෂඥ වෛද්‍යවරයෙක් මෙම මස 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ රෝහලේ පිළිකා අංශ ප්‍රධානී ලෙස කටයුතු කළ 61 හැවිරිදි විශේෂඥ වෛද්‍යවරයෙකි.

එනම්,පෙරේදා (16) පැවැත් වූ වැඩ වරජනයට පිළිකා වාට්ටුවේ සේවකයින් එක් නොවන බව කියා සිටියත් ඔවුන් වැඩ වරජනයට එක්වීම සම්බන්ධයෙන් වෛද්‍යවරයා සහ සේවක පිරිස අතර ඇතිවු ආරවුලක් හේතුවෙන් මෙසේ පහර දී ඇති බවයි වාර්තා වී ඇත්තේ.

Sponsored By Sarrita Jewellery

කරාපිටිය පිළිකා අංශ ප්‍රධානී රිමාන්ඩ් | Karapitiya Hospital Doctor Remanded