මාලිමා සභාපති ඇදගෙන වැටී මිය ගිහින් - උදෙන්ම ව්‍යායාම කරන්න ගිය මනුස්සයා ආයේ ගෙදර ඇවිත් නෑ

Report

අද (21) උදෑසන කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මිය ගොස් ඇත.

කරන්දෙණිය, බොරකන්ද පදිංචි මහීල් රංගජීව මුණසිංහ නමැති වයස අවුරුදු 47ක මොහු ව්‍යායාම සදහා අද උදෑසන ඇවිදිමට ගොස් ඇත.

එවිට පෙ.ව 6.00 ට පමණ ඇද වැටුණු නිසා බොරකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කළද ඉන් පසුව ඒ මහතා මියගොස් තිබේ.

නායකයා අහිමිව දුක් විදින ඊළාම් දෙමළ ජනතාව වෙනුවෙන් මම පෙනී සිටිනවා ඒ අපේ පෙකණිවැලේ බැදීම

නායකයා අහිමිව දුක් විදින ඊළාම් දෙමළ ජනතාව වෙනුවෙන් මම පෙනී සිටිනවා ඒ අපේ පෙකණිවැලේ බැදීම

පසුව මියගිය සභාපතිවරයාගේ මෘත දේහය කරන්දෙණිය, බොරකන්ද ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඉන් අනතුරුව අද (21) දින පශ්චාත් මරණ පරීක්ෂණය සදහා ඇල්පිටිය මූලික රෝහල වෙත රැගෙන ගොස් ඇත.

මහීල් රංගජීව මුණසිංහ මහතා පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණය සදහා කරන්දෙණිය ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගය පක්ෂයෙන් බොරකන්ද කොට්ඨාශයට තරග කර ජය ලබා කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා බවට පත් වී ඇත.

මෙන්න කටුනායක ගුවන්තොටුපොළේ පිරිමි වැසිකිළියෙන් හමුවුණ භාණ්ඩය පොලීසියත් හොල්මන්

මෙන්න කටුනායක ගුවන්තොටුපොළේ පිරිමි වැසිකිළියෙන් හමුවුණ භාණ්ඩය පොලීසියත් හොල්මන්

කරන්දෙණිය, කොටවෙල ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනි මනෝජා ගලප්පත්ති මහත්මියගේ ස්වාමිපුරුෂයා වන මියගිය සභාපතිවරයා එක් දරු පියෙක් වන අතර කරන්දෙණිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

යළි පහළ ගිය රන් මිලේ අද මිල මෙන්න

යළි පහළ ගිය රන් මිලේ අද මිල මෙන්න