කරන්දෙණිය පී. එච් අයි ඝාතකයාගේ දරුවන් පොලිස් ඇඳුම් එක්ක මාට්ටු
කරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර විතානාච්චි මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව එම වෙඩිකරුගේ පුතුන් දෙදෙනාම පොලිස් නිල ඇඳුම් සමගත් අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ් පාස් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කිත්සිරි කුමාර මහතා සඳහන් කරයි.
ඒ අනුව එම සැකකරුවන් දෙදෙනා සමග පොලිස් නිලධාරීන් භාවිතා කරනු ලබන අංක දෙකේ නිල ඇඳුමේ උඩුකය නිල ඇඳුම් හතරක් පොලිස් භාරයට ගෙන ඇත ගෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් සහ මහජන සාමය කළමනා කරන කොට්ඨාසයේ නිලධාරීන් ඒකාබද්ධව කැලණිතිස්ස විදුලි බලාගාරය අසල විශේෂ මාර්ග බාධකයේදී සැකකටයුතු මෝටර් රථයක් නවතා පරික්ෂා කිරීමේදී මෙම පොලිස් නිල ඇඳුමේ උඩුකය කොටස් හතර හමු වූ බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්නන කිරීමේදී විදේශ රටක සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු ලබාදුන් දුරකථන ඇමතුමක් අනුව මෙම පොලිස් නිල ඇඳුම් උඩුකය කොටස් මට්ටක්කුලිය ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සැලක් අසලට පික්මි මෝටර් රථයක් යොදාගෙන රැගෙන යන බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.
එම සැකකරුවන් දෙදෙනාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී මෙම පොලිස් නිල ඇඳුමේ උඩුකයේ කොටස මත්තෙගොඩ පොලිසියේ අත්හැර දමන ලද බැරක්කයක තිබී ගත් බවට අනාවරණය කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය මෙම නිල ඇඳුම් උඩුකය කොටස් මට්ටක්කුලිය සුපිරි වෙළඳසැල අසලට රැගෙන යාම වෙනුවෙන් සිතට සතුට දනවන මුදලක් තමන් වෙත ලබාදෙන බවට විදේශ ගතව සිටින පුද්ගලයා දුරකථනය හරහා පැවසූ බවද සැකකරුවන් වැඩිදුරටත් පවසා ඇත.