ගං වතුර වගේ ද? - 'සීතල ලාවා'. - ගමක්ම කැළඹු සීතල ලාවා ගංගාව. - (VIDEO)
By Wayomi
පිලිපීනයේ Kanlaon ගිනි කන්ද පුපුරා ඉන් පිටවූ දුමාරය කිලෝමීටර ගණනාවක් ඉහළ අහසට විහිදී ගොස් තිබෙනවා.
අනතුරුව ගිනිකන්දේ සුන්බුන් රැගත් අළු පැහැති ලාවා මිශ්‍රිත දියරයක් ගිනි කන්ද පහළින් පිහිටි ගම්මානයේ මාවත් පුරා ගලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස Kanlaon ගිනි කන්ද සක්‍රීය වීමත් සමග, අහසට එක්වුණු දුමාරය හේතුවෙන් ගුවන් ගමන් විශාල සංඛ්‍යාවක්ද අවලංගු කිරීමට සිදුවූ බවයි පිලිපීන බලධාරීන් සඳහන් කරන්නේ.
එමෙන්ම තවත් පසු කම්පන සමග නැවතත් කිනි කන්ද සක්‍රිය විය හැකි බවට පිලිපීන බලධාරීන් ජනතාවට අනතුරු අඟවා , ගම්මානයේ ජනතාව පදිංචි නිවාසවලින් ඉවත් කර ඇත.