තවත් ව්‍යාපෘතියකට අනුමැතිය..!
By Sithumi
කන්කසන්තුරය වරාය හරහා ඉන්දියාවට මගී හා භාණ්ඩ ප්‍රවාහන සේවා ආරම්භ කිරීමේ ව්‍යාපෘතියට මෙරට අනුමැතිය ලබා දී ඇත.
අද (10) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා පැවසුවේ, මෙම ව්‍යාපෘතිය හරහා ඉන්දියාවේ සිටින පිරිස් හට මෙරටට පැමිණීමටත් මෙරට ජනතාවට ඉන්දියාවට යාමටත් හැකි බවයි.
එමෙන්ම එක්වරකදී කිලෝග්‍රෑම් 100ක පමණ භාණ්ඩ මගීන්ට එහාමෙහා රැගෙන යාමට අවස්ථාව ලබා දී තිබේ.
කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාවේ අනුමැතිය මෙතෙක් ලැබී නොමැති වීම හේතුවෙන් එය තවත් මාස 6ක පමණ කාලයක් ප්‍රමාදවනු ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.