තව ස්වල්ප මොහොතකින් යෙදෙන සුබ නැකතට රටම බලා සිටි මහනුවර ඇසළ මංගල්‍යයේ පළමු චාරිත්‍රය - මුළු මහනුවරම අවදියෙන්
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු චාරිත්‍රය වන කප් සිටුවීම අද (13) පෙ.ව. 6.17ට යෙදෙන සුබ නැකතට සිදු කිරීමට නියමිතයි.
අනතුරුව අගෝස්තු 17වැනිදා දක්වා දින 5ක් නාථ, විෂ්ණු, පත්තිනි හා කතරගම යන සිව් මහා දේවාලයන්හි අභ්‍යන්තර පෙරහැර පැවැත්වෙන බව සඳහන්.
එසේම පළමු කුඹල් පෙරහැර අගෝස්තු 18 වැනිදා වීථි සංචාරය කිරීම ආරම්භ වන අතර, එතැන් සිට 22වැනි දින තෙක් එම පෙරහැර පැවැත් වීමට නියමිතයි.
පළමු රන්දෝලි පෙරහැර අගෝස්තු 23 වැනි දින වීථි සංචාරය ආරම්භ වන අතර, අවසන් මහා රන්දෝලි පෙරහැර 27 වැනි දින පැවැත්වීමට නියමිතව ඇත.
පසුදින එනම් අගෝස්තු 28 වැනිදා දිය කැපීමේ පෙරහැර හා දහවල් පෙරහැර පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සඳහන්.
පසුව එදිනම පෙරහැර සාර්ථකව සිදු කළ බවට පස්වරුවේ දියවඩන නිලමේ විසින් ජනාධිපතිවරයා වෙත පෙරහැර සංදේශය මහනුවර ජනාධිපති මන්දිරයේදී භාරදීමට නියමිතව ඇත.