කොදෙව්වන්ට ලකුණු 35ක ජයක්

Report

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ස්කොට්ලන්තය සමඟ පැවැති තරගය ලකුණු 35කින් ජයගත්තේය.

කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දී, නියමිත පන්දුවාර 20 තුළ 05 කඩුලු දැවී 182 ලකුණු ලබා ගත්තේය. එහිදී ශිම්රොන් හේට්මයර් 64ක් සහ බ්‍රැන්ඩන් කිංග් 35ක් ලකුණු ලබා ගත්තහ.

පන්දුයැවීමේදී බ්‍රැඩ් කරී 2 කඩුලු බිඳහෙළීමට සමත් විය. ජයග්‍රහණය සඳහා ස්කොට්ලන්ත කණ්ඩායම 183 ලකුණු ඉලක්කය හඹා ගියේය. නමුත් පන්දුවාර 18.3 තුළ සියලු දෙනා දැවී, 147 ලකුණු පමණ ලබා ගත්තහ.

සූරියකන්ද හිටපු ඕ.අයි.සී. ඇතුළු දෙදෙනාට ඇප

සූරියකන්ද හිටපු ඕ.අයි.සී. ඇතුළු දෙදෙනාට ඇප

ස්කොට්ලන්තය වෙනුවෙන් රිචී බ්රිංටොන් 42ක් සහ ටොම් බෘස් 35ක් ලකුණු ලබා ගත්තහ. පන්දුයැවීමේදී රොමාරියෝ ෂෙෆර්ඩ් 5 කඩුලු දවා ගත්තේය.

විශේෂයෙන්, 17 වන පන්දුවාරයේදී රොමාරියෝ ෂෙෆර්ඩ් කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට සමත් වූ අතර, මෙය මෙම ලෝක කුසලාන තරගාවලියේ වාර්තා වූ ප්‍රථම කඩුලු ත්‍රිත්ව අවස්ථාව විය.

ලාංකික ධීවරයින්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධව තවදුරටත් විමර්ශන

ලාංකික ධීවරයින්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධව තවදුරටත් විමර්ශන