පෙරාතුවේලියම හඩවමින් දරුවෙකු දියේ ගිලී ගිලෙයි
By Kanchana
කන්තලේ පොලිස් වසමේ පේරාතුවේලි ප්‍රදේශයේ ඇළ මාර්ගයක දිය නාමින් සිටි දරුවෙකු දියේ ගිලී මියගොස් ඇත.
පේරාතුවේලි ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි රිස්ලාන් නමැති දරුවෙක් මෙලෙස මියගොස් තිබෙන බව වාර්තා වේ ඔහු මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇති බවද සදහන්ය.
ඔහු තම මිතුරන් තිදෙනෙකු සමඟ අදාළ ස්ථානයේ දිය නාමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබෙන බව වාර්තා වේ.
මෙම අනතුරෙන් පසුව ප්‍රදේශවාසීන් සහ තරුණයින් එක්ව සෝදිසි මෙහෙයුමක් ආරම්භ කරන ලදි .
ඉන් පසුව ඔහු දිය නෑමට ගිය ස්ථානයෙන් මීටර් 300කට ආසන්න දුරින් ඔහුගේ මළ සිරුර ජලයේ පාවෙමින් තිබියදී සොයාගෙන තිබේ .
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කන්තලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි