ඇමරිකානු සෙබළු 350කට ෂොට් එක දීලා - යුද, ගුවන්, නාවික හා මැරීන් ඔක්කොම ගුටි කයි

Report

අමෙරිකාව හා ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ කළ ඉකුත් පෙබරවාරි 28වනදා සිට මේ දක්වා කාලය තුළ අමෙරිකානු සෙබළුන් 350කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇත.

පෙන්ටගනය විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව යුද, ගුවන්, නාවික හා මැරීන් යන සිව් අංශයන්හි සෙබළු 365ක් තුවාල ලබා තිබේ.

ඇමරිකාවට ප්‍රහාරයක් - අමෙරිකානු A-10 යානය බිමට වට්ටයි - සෙබළා පණ බේරන් දුවලා

ඇමරිකාවට ප්‍රහාරයක් - අමෙරිකානු A-10 යානය බිමට වට්ටයි - සෙබළා පණ බේරන් දුවලා

ඉන් වැඩිම පිරිසක් තුවාල ලබා ඇත්තේ යුධ හමුදාවෙන් වන අතර, එම සංඛ්‍යාව 247කි.

ඊට අමතරව නාවික සෙබළුන් 63ක්, මැරීන් සෙබළුන් 19ක් හා ගුවන් සෙබළුන් 36ක් තුවාල ලබා තිබේ. එමෙන්ම මෙම සංඛ්‍යාලේඛනවලට අනුව මෙම යුද්ධය හේතුවෙන් අමෙරිකානු සෙබළු 13 දෙනෙකුට දිවි අහිමි වී ඇත. 

මහා විනාසයක් - ප්‍රබල භූමිකම්පාවක් - ඉන්දියාවටත් බලපෑම්

මහා විනාසයක් - ප්‍රබල භූමිකම්පාවක් - ඉන්දියාවටත් බලපෑම්