මහා විනාසයක් - ප්‍රබල භූමිකම්පාවක් - ඉන්දියාවටත් බලපෑම්

Report

ඇෆ්ගනිස්ථානයේ සිදුවූ භූමිකම්පාවකින් පසු කාබුල් අගනුවර නිවසක් කඩා වැටීමෙන් පුද්ගලයන් අට දෙනෙකු මියගොස්, එක් දරුවෙකු තුවාල ලබා ඇති බව ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය ප්‍රකාශ කර ඇත.

ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) සඳහන් කළේ, රික්ටර් මාපක 5.9ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූමිකම්පාව ඊයේ (03) ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් කලාපයේ හටගත් බවයි.

ඇමරිකාවට ප්‍රහාරයක් - අමෙරිකානු A-10 යානය බිමට වට්ටයි - සෙබළා පණ බේරන් දුවලා

ඇමරිකාවට ප්‍රහාරයක් - අමෙරිකානු A-10 යානය බිමට වට්ටයි - සෙබළා පණ බේරන් දුවලා

GFZ ආයතනය වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම භූමිකම්පාව කිලෝමීටර් 177ක් (සැතපුම් 110 ක්) ගැඹුරින් සිදුව ඇති බවයි. රොයිටර් පුවත් සේවයේ සඳහන් කරන්නේ පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර, ඇෆ්ගනිස්ථානයේ කාබුල් සහ ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට ද මෙහි ප්‍රබල කම්පන දැනී ඇති බවයි.

කඳු පන්තීන්ගෙන් වටවී ඇති ඇෆ්ගනිස්ථානය ස්වභාවික ආපදා රැසකට ගොදුරු වීමේ ප්‍රවණතාවක් පවතින රටක් වන අතර එහි සිදුවන භූමිකම්පා වඩාත් මාරාන්තික වන අතර, සාමාන්‍යයෙන් සෑම වසරකම පුද්ගලයන් 500කට අධික පිරිසක් ඉන් ජීවිතක්ෂයට පත්වේ.

පසුගිය නොවැම්බර් මාසයේදී එරට සිදුවූ රික්ටර් මාපක 6.3ක ප්‍රබල භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයන් 27 දෙනෙකු මියගොස් නිවාස සිය ගණනක් විනාශ විය.

පැය 24ක ජල කප්පාදුව පැය 12 ක් දක්වා - විශේෂ නිවේදනයක්

පැය 24ක ජල කප්පාදුව පැය 12 ක් දක්වා - විශේෂ නිවේදනයක්