වාරිමාර්ගයෙන් දැනුවත් කිරීමක්
මේ වනවිට පවතින අධික උෂ්ණත්වය සැලකිල්ලට ගනිමින්, මෙම යල කන්නයේදී ජලය මනා කළමනාකරණයකින් සහ අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස වාරිමාර්ග අධ්යක්ෂ සහ ජල කළමනාකරණ ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී. හේරත් මහතා සදහන් කර තිබේ.
ඔහු අවධාරණය කළේ සියලුම ගොවි මහතුන් සහ අදාළ ක්ෂේත්‍ර නිලධාරීන් ජල කළමනාකරණය සම්බන්ධයෙන් කාර්යක්ෂමව සහ විශේෂ අවධානයකින් කටයුතු කළ යුතු බවයි.
තවද බිම් සැකසීමේදී හැකි සෑම අවස්ථාවකම අවශ්‍ය ප්‍රමාණයට පමණක් ජලය භාවිතා කරන ලෙසද ඔහු උපදෙස් දී ඇත තවද ගොවි මහතුන්ගෙන් ඉල්ලා සිටින්නේ ජල කළමනාකරණ කමිටු සහ අනෙකුත් කමිටු විසින් ජල පාලනය සඳහා ගන්නා තීරණ අනුව කටයුතු කරන ලෙසයි.
ඔහු ප්‍රකාශ කළේ මේ වනවිට බොහෝ වාරි ව්‍යාපෘතිවල වගා කටයුතු ආරම්භ වී ඇති අතර, බිම් සැකසීම සහ වගා ප්‍රතිස්ථාපනය වැනි කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි.
අනෙකුත් ව්‍යාපෘතිවල යල කන්නයට අදාළ බිම් සැකසීම සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව සිදු කිරීමට නියමිත බවද වාරි ව්‍යාපෘති 205ක බිම් සැකසීම මේ වනවිට අවසන් වී ඇති බවද වාරිමාර්ග අධ්යක්ෂ සහ ජල කළමනාකරණ ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී. හේරත් මහතා සදහන් කර තිබේ