සුභ ආරංචියක් - රෝහල් පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ සූදානමක්

Report

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා ඇත්තේ සමූපකාර රෝහල් පද්ධතිය ඩිජිටල්කරණයට ලක් කිරීමට සමූපකාර දෙපාර්තමේන්තුව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ පෞද්ගලික අංශයේ ප්‍රමුඛ පරිගණක සේවා සපයන සමාගමක් සමාජ සත්කාරයක් ලෙස නොමිලේ එම කටයුතු සිදු කරදීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.

මේ අයට සුභ ආරංචියක් - සහනාධාර මුදල බැංකු ගිණුම් වෙත බැර වේ

මේ අයට සුභ ආරංචියක් - සහනාධාර මුදල බැංකු ගිණුම් වෙත බැර වේ

 

සමූපකාර රෝහල් පද්ධතිය මෙරට සෞඛ්‍ය ප්‍රතිපත්තිය සමග මනා සම්බන්ධතාවයකින් යුක්තව පවත්වා ගනිමින් මහජන සෞඛ්‍ය සේවා ක්‍රියාත්මක කිරිම පිළිබඳ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

රජය 2026 වසර සඳහා රුපියල් බිලියන 30 ක ප්‍රතිපාදන වෙන් කරමින් පුළුල් ඩිජිටල්කරණ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කර ඇති ජාතික ඩිජිටල් සෞඛ්‍ය සැලැස්ම මඟින් සියලුම සෞඛ්‍ය ආයතන පොදු ඩිජිටල් රාමුවකට ගෙන ඒමට අපේක්ෂා කෙරෙන බවත් අමාත්‍යවරයා පැවැසීය.

මහා විනාසයක් - ප්‍රබල භූමිකම්පාවක් - ඉන්දියාවටත් බලපෑම්

මහා විනාසයක් - ප්‍රබල භූමිකම්පාවක් - ඉන්දියාවටත් බලපෑම්