කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ දැන් කරන්න යන දේ

By Sithumi Nov 18, 2021 11:17 AM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් ප්‍රතිකාර කටයුතු සඳහා යොදාගත් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය යළි පුනරුත්තාපන කටයුතු සඳහා භාවිත කිරීම ආරම්භ කර තිබේ. 

පුනරුත්තාපන කොමසාරිස් ජෙනරාල්, මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පැවසුවේ වසරකට අධික කාලයක් කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානය නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිත කළ බවය. 

"කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානය පසුගිය වසර එකහමාරකට ආසන්න කාලයක් කොවිඩ් -19 යෙන් අසනීප වුණ අය සහ නිරෝධයන කටයුතු සඳහා ලබාදීලා තිබුණා. නැවත අපි ඒක භාර ගත්තා ගිය මාසයේ දී දැන් මේ වෙන කොට කන්දකාඩුවල පුනුරුත්තාපන කටයුතු පටන් ගෙන තිබෙනවා. 

කන්දකාඩු පුනුරුත්තාපන මධ්‍යස්ථානයේ අපිට පුළුවන් 1000ක් එකපාර පුනුරුත්තාපනය කරන්න. දැන් ඒ කටයුතු අරම්භ කරලා තියෙන්නේ

." දිවයිනේ පුනරුත්තාපන ක්‍රියාවලිය පුළුල් කරමින් කාන්තාවන් ද පුනරුත්තාපනය කිරිම සඳහා අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇති බව මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now