කමල් අද්දරආරච්චි නැවතත් ප්‍රධාන චරිතයකින් සිනමාවට

Report

ජනප්‍රිය රංගන ශිල්පී බුද්ධික ජයරත්න අධ්‍යක්ෂණය කරන, ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි ප්‍රධාන රංගනයෙන් එක්වන ‘කොළඹ 13’ නවතම සිනමා නිර්මාණයේ නිෂ්පාදන කටයුතු පසුගියදා ආරම්භ කර තිබේ.

දිගු කාලයකට පසුව කමල් අද්දරආරච්චි ප්‍රධාන රංගන දායකත්වයක් ලබාදෙන නවතම චිත්‍රපටය ලෙස ‘කොළඹ 13’ හඳුන්වා දිය හැකිය. මෙම සිනමා නිර්මාණයට ශේෂාද්‍රි ප්‍රියසාද්, රොජර් සෙනෙවිරත්න, ධනංජය සිරිවර්ධන සහ මිලින්ද මඩුගල්ල ඇතුළු රංගන ශිල්පීන් රැසක් එක්ව සිටිති. අධ්‍යක්ෂ බුද්ධික ජයරත්න ද චිත්‍රපටයේ රංගනයෙන් දායක වීමට නියමිත බව වාර්තා වේ.

‘කොළඹ 13’ චිත්‍රපටයේ තිර රචනය සිදුකර ඇත්තේ මෙරට ප්‍රවීණ සිනමාකරුවෙකු වන ජයන්ත චන්ද්‍රසිරි විසිනි.

චිත්‍රපටයේ නිෂ්පාදනය ආශා ලොකුවඩුගේ සහ වේරංජා ගුණවර්ධන විසින් සිදුකරන අතර, විධායක නිෂ්පාදනයෙන් බන්දුල ගුණවර්ධන එක්ව සිටී.

මේ අතර, බුද්ධික ජයරත්න මීට පෙර ‘සැප්තැම්බර්’ නමින් තවත් සිනමාපටයක් අධ්‍යක්ෂණය කර තිබේ. එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ නදීශා හේමමාලි වන අතර, එයද නුදුරේදීම තිරගත කිරීමට නියමිත බව සඳහන් වේ.

නව පරපුරේ ජනප්‍රිය තරු වන ශනුද්‍රි සහ මංචන රඟන ‘අග්නිජය’ ඔක්තෝබරයේ රිදී තිරයට

නව පරපුරේ ජනප්‍රිය තරු වන ශනුද්‍රි සහ මංචන රඟන ‘අග්නිජය’ ඔක්තෝබරයේ රිදී තිරයට

වෙනස්ම කතාවක් විදිහට ‘ඩිංගා’ ඔක්තෝබර් මාසයේදී සිනමාහල්වලට

වෙනස්ම කතාවක් විදිහට ‘ඩිංගා’ ඔක්තෝබර් මාසයේදී සිනමාහල්වලට