මෙරට මහධිකරණයකින් පුද්ගලයන් 5කට මරණ දඬුවම..හේතුව මෙන්න..
By Sewvandhi
කළුතර මහාධිකරණය විසින් ඊයේ පුද්ගලයින් 5 දෙනෙකුට මරණ දඬුවම නියම කළා.
2001 වසරේ ජුනි මස 5 වැනි දින බුලත්සිංහල - පොළේගොඩදී 23 හැවිරිදි තරුණයෙකු ඝාතනය කිරීමේ චෝදනාවකට වරදකරුවන් වූ දෙදෙනෙකුට එහි දී මරණ දඩුවම නියම කිරීමට මහාධිකරණ විනිසුරු ජගත් කේ කහදගමගේ අද නියෝග කළා
එමෙන්ම 2007 වසරේ දී අප්‍රේල් මස 15 වැනි දින බුලත්සිංහල ප්‍රදේශයේ දී පුද්ගල ඝාතනයකට චෝදනා එල්ල වූ තවත් පුද්ගලයින් 3 දෙනෙකුට ද අද දින මරණ දඬුවම නියම කිරීමට යි විනිසුරුවරයා පියවර ගත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |