බේබද්දා අල්ලන්න ගිය එස්.අයිට පිහි පහරක්
By Sewvandhi
කලවාන නගරයේ මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ගිය උප පොලිස් පරීක්ෂකවරයකු තියුණු ආයුද ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කර ඇති බව කලවාන පොලිසිය පැවසීය .
මෙලෙස තුවාල ලබා ඇත්තේ කලවාන පොලිසියට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයකු බව කලවාන පොලිසිය පැවසීය .
සැකකරු කලවාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ . මෙම උප පොලිස් පරීක්ෂකවරයා වෙනත් විමර්ශන කටයුත්තක් සදහා යාමේදී කලවාන නගරයේ බීමතින් අශෝභන ලෙස හැසිරෙමින් සිටි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට යාමේදී මෙම සිදුවීම සිදු වී ඇති බව කලවාන පොලිසිය පැවසීය .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |