නුවර කොළඹ ප්‍රධාන මාර්ගය ගැන විශේෂ නිර්දේශයක්..

COLOMBO KANDY LAND SLIDE KADUGANNAVA
By Sewvandhi Nov 27, 2021 03:16 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයේ නායයාමේ අවදානම වැළැක්විම සඳහා දිගුකාලීන ක්‍රමවේදයන් හඳුන්වා දී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එහි අධ්‍යක්ෂ ආසිරි කරුණාවර්ධන මහතා පැවසුවේ අදාළ නිර්දේශ මාර්ග සංවර්ධන අධිකාරිය වෙත ලබාදී ඇති බවය. මෙහිදී කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් පුළුල් කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව තිබේ.

අයහපත් කාලගුණ තත්ත්වයත් සමග පහළ කඩුගන්නාව ප්‍රදේශය නායයාමේ අවදානමට ලක්වූ අතර දින කිහිපයක් අදාළ මාර්ගය එම ප්‍රදේශයෙන් වසා දැමීමට බලධාරීන් පියවර ගත්තේය.

අනතුරුව ඒ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඇතුළු ආයතන විසින් සිදුකළ ශක්‍යතා අධ්‍යයනවලින් පසුව නායයාමේ තත්ත්වය අවම කිරීම සඳහා අවසර ගෙන මාර්ගය නැවත විවෘත කළේය.

කෙසේවෙතත් තවදුරටත් පවතින අවදානම් තත්ත්වය වළක්වා ගැනීම සඳහා දිගුකාලීන විසදුම් ඉදිරිපත් කර ඇති අතර ඒවා ක්‍රියාත්මක කිරීම ඉදිරි දින කිහිපය තුළ සිදුවනු ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ආසිරි කරුණාවර්ධන මහතා පැවසුවේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW