ඔටුන්නක් වගේ එකක් දාගෙන ඉන්නේ නළුවෙක් නිසා නොවෙයි - කාදිනල් හිමි (VIDEO)

sri lamka Kadinal
By Sithumi Nov 24, 2021 11:17 AM GMT
Sithumi

Sithumi

Report

පාස්කු ප්‍රහාර මාලාව පිටුපස මතුපිටින් පෙනෙන දෙයට වඩා විශාල වැඩපිළිපිවෙලක් යටින් තිබුණු බව දිනෙන් දින වැටහෙමින් ඇති බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. 

වාද්දුව ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින් කාදිනල් හිමිපාණන් වැඩිදුරටත් පැවසුවේ පාස්කු ප්‍රහාරය පිටුපස ඇති සත්‍ය අනාවරණය කරගන්නා තෙක් සිය අරගලය අත් නොහරින බවය

. "මේ ඔටුන්නක් වගේ එකක් දාගෙන ඉන්නේ නාට්‍යය ක් රඟපාන නළුවෙක් නිසා නෙමෙයි. මේක විහිලුවක් නෙමෙයි. මේ තනතුර දරනවා නම් ජනතාවගේ දුකේ දී සැපේ දී ඔවුන් සමග සිටින්නට ඕනේ. මතුපිටින් පෙනෙන දේට වඩා ලොකු දෙයක් ඊට යටින් තිබුණා කියලා අපිට එන්න එන්නම වැටහෙනවා. 

අපිට පළිගන්න ඕන කමක් නෑ. නමුත්, ඇත්ත මොකක්ද කියලා අපි දැනගන්න ඕනේ. ඒක සොයා ගන්නා තුරු අපි මේ අරගලය අතහරින්නේ නෑ. මේකෙ නරකම පැත්ත තමයි.. මේ ප්‍රහාරය ගැන හොඳට දැනගෙන ඉඳලා ඒක වළක්වන්නට ඇතැම් උසස් උදවිය මුකුත් වුණේ නෑ වගේ සාන්තුවරු වගේ ජීවත්වෙනවා

. ඒක තමයි අපිට දරාගන්න බැරි කාරණාව. ජනාධිපති කොමිෂන් සභා වාර්ථාවෙන් පවා නිර්දේශ කරලා තියෙන දේවල් පවා ක්‍රියාත්මක කරන්නට අපි කොච්චර කිව්වත් බලධාරීන් කටයුතු කරන්නේ නෑ. ඒක ඒහෙම වෙන්නේ මොකක් හරි වගකීමක් ඒගොල්ලන්ගෙත් තියෙනවා ද? 

මේ ප්‍රහාරවලට කියලා අපිට සාධාරණ සැකයක් ඇති වෙනවා. ඒ සැකය දුරු කරන්නට නම් ජනාධිපති කොමිෂන් සභාවෙන් නිර්දේශ කරලා තියෙන දේවල් ක්‍රියාවට නංවන්න කටයුතු කරන්න. මෙතන අපිට දේශපාලනයක් නෑ. අපිට ඕනේ සාධාරණය සහ සත්‍ය."