කඩවත වෙඩි තැබීමක්..ගිනිඅවියෙන් බිරිඳට පහරදී පලායයි..
කඩවත ප්රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු රාගම රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
වෙඩි ප්රහාරයෙන් තුවාල ලබා ඇත්තේ කඩවත සූරියපාළුව ප්රදෙශයේ පදිංචිව සිටි 50 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙක් බවයි පැවසෙන්නේ.
මෙම වෙඩිතැබීම සම්බන්ධයෙන් තුවාල ලැබූ පුද්ගලයාගේ සහෝදරයෙකු, සහෝදරයාගේ පුත්රයා සහ තවත් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය කියා සිටියේ.
පොලීසිය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ඉඩම් ආරවුලක් දුරදිග යාමෙන් මෙම වෙඩිතැබීම සිදුව ඇත බවයි.
ඊයේ රාත්රියේ තුවාල ලැබූ පුද්ගලයා සිය නිවස අසළ මාර්ගයේ රැඳී සිටියදී එම ස්ථානයට පැමිණි සැකකරුවන් මෙම වෙඩි ප්රහාරය එල්ලකර ඇති බවටි වාර්තා වන්නේ.
පසුව එම ගිනි අවියෙන් තුවාල ලැබූ පුද්ගලයාගේ බිරිඳට ද පහරදී වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා, එම ස්ථානයෙන් පළාගොස් තිබේ.
සැකකරුවන් සමඟ වෙඩිතැබීමට භාවිත කර ඇති රයිෆල් වර්ගයේ ගිනි අවිය.
සැකකරුවන් එම ස්ථානයට පැමිණි ත්රිරෝද රථය පොලිස්භාරයට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 56,20 සහ 25 හැවිරිදි වියේ පසුවන ගනේමුල්ල සහ යක්කල ප්රදේශවල පදිංචිකරුවන් තිදෙනෙකු බවයි පොලීසිය පවසන්නේ.
සැකකරුවන් අද දිනයේ මහර මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
කඩවත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |