සේදවත්ත, තොටළඟ පුරා හොරබඩු වැපිරූ වත්තල කුඩ්ඩා ඇල්ලූ කඩවත පොලිස් මෙහෙයුම. (VIDEO)
පසුගිය මාසයේ වත්තල ප්‍රදේශයේ සිදුවූ සොරකම් පිළිබද CCTV දර්ශන සහිතව ගගන අපි සිදු කළ අනවරණයත් සමඟ පොලිසිය විසින් විමර්ශන කටයුතු ආරම්භ කළා.
ඒ, අතරතුර සොරකමකට සම්බන්ධ පුද්ගලයෙක් කඩවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූයේ එම පුද්ගලයා ඇතුළු තවත් කිහිපදෙනෙකු විසින් වත්තල, කඩවත ඇතුළු ප්‍රදේශ රැසක සොරකමෙහි යෙදුණු බවයි.
ඔවුන් එලෙස සොරකම් කරන ලද වටිනා බඩු භාණ්ඩ ආදිය සේදවත්ත හා තොටළග ප්‍රදේශ වල ජනතාවට කුණු කොල්ලයට විකුණා තිබුණා.
ඒ, අනුව ප්‍රශ්න කිරීම් හමුවේ හෙළි වූ මෙම කරුණු ඔස්සේ කඩවත පොලිස් නිලධාරීන්, සැකකරුවන් සහ කුණු කොල්ලෙට විකුණා දැමූ යැයි කියන වටිනා භාණ්ඩ සොයා මෙහෙයුමක් දියත් කළ අතර එම මෙහෙයුමට ගගන අපි ද එක් වූවා.
එකී විමර්ශනයේදී අපට දැකගත හැකි වුයේ සැකකරුවන් විසින් ගෑස් සිලින්ඩර්, rice කුකර්, මෝටබයිසිකල් ආදී නිවෙස වල තිබු වටිනා බාණ්ඩ ඉතා අඩු මුදලකට විකුණා තිබු බවයි.මෙකී සැකකරුව කලක සිට මත් කුඩු ජාවාරමට ඇබ්බැහි වුවෙකු බවත් ඔහු විසින් තම නැති බැරි කමට නොව මත්කුඩු මිලට ගැනීම සදහා මෙකි වටිනා භාණ්ඩ සොරකම් කර විකුණා තිබුණා.
