ගුරු සංගම් අගමැතිගේ තීරණය සලකා බලයි - නවතම ප්‍රකාශය මෙන්න

Joserph starlin srilamka
By Sithumi Oct 14, 2021 05:05 PM GMT
Sithumi

Sithumi

Report

අමාත්‍ය අනුකමිටුව නිර්දේශ කළ වැටුප් වැඩිවීමෙන් තුනෙන් දෙකක් එකවර ලබාදෙන්නේ නම් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට සූදානම් බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි. 

 වර්ජනයේ නිරත විදුහල්පති සංගම් පවසන්නේ එලඹෙන 21 වැනිදා වනවිට ගැටලුවට විසඳුමක් ලබා නොදෙන්නේ නම් තමන් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා පාසල් නොයන බවය.

අමාත්‍ය අනුකමිටුව නිර්දේශ කළ වැටුප් වැඩිවීමෙන් තුනෙන් එකක් 2022 වසරේ ජනවාරි මාසයේදීත් තුනෙන් දෙකක් 2023 වසරේ ජනවාරියේ ලබාදීමටත් අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී ප්‍රකාශයට පත්කෙරුණද වර්ජනයේ නිරත ගුරු - විදුහල්පති සංගම් ඊට එකඟ නොවීය. අද (14) පැවති මාධ්‍ය හමුවකදී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පැවසුවේ,

"ගුරු සේවයේ 3 (II) ගුරුවරයෙකුට ලැබෙන්නේ රුපියල් 1,250ක්. අරගලය රුපියල් 1,250ක් වෙනුවෙන්ද කියලා හිතයි. පාසල් පැවැත්වුණේ නැති නිසා වියදම් නැහැ. ඒ නිසා විශාල මුදලක් ඉතිරිවෙලා තියෙනවා. අය නොකළ බදු ආදායම මිලියන 6000ක්. ලක් සතොසෙ පාඩුව කෝටි 170. නෙ‍ළුම් කුලුනෙන් අහිමිවන ආදායම මිලියන 5,475ක්.

දිස්ත්‍රික් කමිටු සභාපතිවරුන්ට ලක්ෂ 1,200ක්. ගුරුවරුන්ට වැටුප් වැඩිකරන්න ආණ්ඩුවට සල්ලි නැහැ. සුබෝධනි වාර්තාවට අනුව බිලියන 71ක් යනවා. බිලියන 30ක ඇමති අනුකමිටුවේ යෝජනාව අපි ඉල්ලුවා සුබෝධනී කමිටු වාර්තාවේ කොටසක් ලෙස. 21 වැනිදාට පෙර විසඳුමක් නොදුන්නොත් 21 පාසල් ගමන ගැන තීරණයක් ගන්න වෙනවා."

එහිදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේ, "තුනෙන් දෙකක් 2022 ට ඇවිත් තුනෙන් එකක් 2023 ට ගියොත් එකඟ වෙනවාද?" එහිදී, "යෝජනාවක් ආවොත් තීරණයක් ගන්න පුළුවන්," යනුවෙන් ජෝසෆ් ස්ටාලින් මහතා පැවසීය


දන්න අය ගැන නොදන්න රස කතා ගොඩක් එක්ක ... තරු විත් ගගන.. ජනප්‍රිය කළා ලොවේ තරු , ලොවම ජයගත් ක්‍රීඩකයින්, ඇතුළු ඔබ ආදරය කරන අය ගැන බොහෝ දේ දැන ගන්න. අමතක නොකර සෑම සෙනසුරාදම අපි එක්ක එකතු වෙන්න. එහෙනම් දැන්ම ගගන යූ ටියුබ් චැනල් එක
සබ්ස්ක්‍රයිබ් කරන්න.


වීඩියෝ එකක් අප්ලෝෆ් කරපු ගමන්ම දැන ගන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා.