ගුවන් ගමන්වලට දැඩි බාධාවක් – ජෝර්දානය සිය ගුවන් සීමාව වසා දමයි

Report

ජොර්දානය සිය ගුවන් සීමාව වසා දැමීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට බලධාරීන් පවසා ඇත්තේ, කිසිදු යුද්ධයකදී තම ගුවන් අවකාශය හෝ භූමිය කිසිදු පාර්ශ්වයකට භාවිත කිරීමට ඉඩ නොදෙන බවයි.

ඉරානයට එල්ල වූ ප්‍රහාරයන් හෙළා දකින ජොර්දානය, මෙවැනි ක්‍රියාවන් කලාපීය ආරක්ෂාවට තර්ජනයක් බව ප්‍රකාශ කර ඇත. එසේම, තම ගුවන් සීමාව උල්ලංඝනය කිරීමට ඉඩ නොදෙන අතර, ජොර්දානය කිසිදු ගැටුමකට යුධ පිටියක් ලෙස යොදා නොගන්නා බව එරට විදේශ අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

මුහුදු වෙරළට යන්න එපා! තද සුළං – රළු වීම් ගැන හදිසි අනතුරු ඇඟවීමක්

මුහුදු වෙරළට යන්න එපා! තද සුළං – රළු වීම් ගැන හදිසි අනතුරු ඇඟවීමක්

ජොර්දානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන බවත්, රටේ හා පුරවැසියන්ගේ ආරක්ෂාවට එල්ල වන ඕනෑම තර්ජනයක් ඉවසා නොසිටින බවත් එරට බලධාරීන් වැඩිදුරටත් පවසා ඇත.

ඔබේ ලග්නයට අද හෙළිවන අරුම පුදුම විශ්ලේෂණය!

ඔබේ ලග්නයට අද හෙළිවන අරුම පුදුම විශ්ලේෂණය!

ජොර්දාන සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කර ඇත්තේ, රාජ්‍ය ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බවත්, සිදුවිය හැකි ඕනෑම අවදානමකින් වැළකීම සඳහා පූර්ව ආරක්ෂක පියවරක් ලෙස පැමිණෙන සහ පිටව යන සියලු ගුවන් යානා සඳහා ගුවන් ගමන් අත්හිටුවා ඇති බවත්ය.

අපේ අනුදි ආයෙත් සම්මානයකින් පිදුම් ලබයි..

අපේ අනුදි ආයෙත් සම්මානයකින් පිදුම් ලබයි..