හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට පැමිණ ඇති බව වාර්තා වේ.
ඒ සම්පත් මනම්පේරි නම් සැකකරු සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සම්බන්ධයෙන් බවට තොරතුරු වාර්තා වේ.
නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් මේ වන විටත් අදාළ සැකකරු සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කරමින් සිටින බවත්, එහි කොටසක් වශයෙන් මෙසේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් ද තොරතුරු ලබා ගැනීමට පියවර ගෙන ඇති බවත් ආරංචි මාර්ග පවසයි.
කෙසේ වුවද එම විමර්ශනයේ ස්වභාවය හෝ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් ලබාගැනීමට අපේක්ෂිත තොරතුරු පිළිබඳව මෙතෙක් නිල ලෙස කරුණු හෙළි කර නොමැත.
දිවයිනටම විශේෂ දැනුම්දීමක් - අගමැති හරිනිගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන යොදාගෙන මෙවැනි දේ කළොත් දැඩි දඬුවම්