හිටපු ඇමති ජොන්ස්ටන් පැන ගිහින්..? සොයා ගැනීමට විශේෂ මෙහෙයුමක්..?

Report

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සොයා ගැනීමට නොහැකි වී ඇති බව වාර්තාවනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්‍ෂණ කණ්ඩායම් කිහිපයක් දින තුනක් තිස්සේ ඔහු සොයා මෙහෙයුම් සිදුකළද කිසිදු තොරතුරක් ඊයේ වනතුරු ලැබී නැති බව වාර්තා වෙයි.

සියලු බැංකු ගිණුම් අත්හිටුවයි..? රාජ්‍ය සහ පෞද්ගලික බැංකු වලට අධිකරණයෙන් සුවිශේෂී නියෝගයක්..!

සියලු බැංකු ගිණුම් අත්හිටුවයි..? රාජ්‍ය සහ පෞද්ගලික බැංකු වලට අධිකරණයෙන් සුවිශේෂී නියෝගයක්..!

ඒ මහතා පදිංචිව සිටින නිවස හා රැඳී සිටින ස්ථාන සියල්ල පරීක්ෂා කළද මෙතෙක් කිසිදු තොරතුරක් සොයා ගැනීමට හැකිව නැති බවයි ආරංචි වන්නේ.

එනම්, හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ,තමන් අසනීප තත්ත්වයක පස්වන නිසා ප්‍රකාශයක් ලබා දීමට වෙනත් දිනයක පැමිණෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙනුම් දී තිබේ.

ඔහු මෙසේ රහස් පොලිසියට කැඳවා තිබුණේ, නීති විරෝධ එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිතා කලේ යැයි එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ප‍්‍රකාශයක් ලබා ගැනීමටයි.

කෙසේ වෙතත් තමන්ට වෙනත් දිනයක් ඒ සඳහා ලබා දෙන ලෙසද ඔහු තම නීතිඥවරුන් මාර්ගයෙන් රහස් පොලිසියෙන් ඉල්ලා තිබිණි. මේ වන විට ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාට විදෙස් ගමන් තහනමක් අධිකරණය විසින් පනවා තිබේ.