මහින්ද මහත්තයා පැරදුණාට පස්සේ ලංකාවට හෙණ ගැහුවා - සංවේදී වූ ජොන්ස්ටන්

By Mithu Jul 14, 2025 10:36 AM GMT
Mithu

Mithu

Report

කැබිනට් ඇමතිවරයෙක් වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ රජය යටතේ වැඩ කටයුතු කළ හිටපු ඇමැති ජෝන්ස්ටන් ප්‍රනාන්දු පිළිබඳව කවුරුත් දන්නවා. ඔහු කාලෙන් කාලෙට කතා මවන ඇමතිවරයෙක් කිව්වොත් නිවරදියි.

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ පියුමිගේ පුත්‍රයාගේ හෙල්මට් පාර කෑවා මදිවට දැන් පවුලටත් තර්ජන

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ පියුමිගේ පුත්‍රයාගේ හෙල්මට් පාර කෑවා මදිවට දැන් පවුලටත් තර්ජන

දඹදෙණිය රාජධානිය නියෝජනය කරමින් පොදු ජන පෙරමුණට ඉහළ ජයග්‍රහණයක් අත්පත් කරදීමට පසුගිය කාලේ ඔහු කැප වෙලා වැඩකළා. කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජය හමුවේ ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයත් ඉන්නේ බොහොම කනස්සල්ලෙන්.

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

නමුත් ඔහු සඳහන් කරන ආකාරයට කෙසේ හෝ බලය පිහිටවන්න ඔවුන් තාමත් සූදානම්. ඒ අනුව කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඇමැතිවරයා සඳහන් කළේ මේ ආකාරයේ අදහසකි.

"හිර­ගෙ­වල් පිරෙව්වා කියලා ප්‍රශ්න යට ගහන්න බැහැ. ජන­තාව දැන් දන්නවා වැඩ කරන්න බැරි නිසයි මේ වගේ දේවල් කරන්නේ කියලා. ආණ්ඩුව කරන්නේ ගැල­රිය චූන් කරන වැඩක් කියන එක ජන­තාව අව­බෝධ කර ගනි­මින් ඉන්නවා. ඒකයි මැති­ව­ර­ණ­යක් ඉවර වෙලා මාස ගානක් යද්දි ජන­තාව ආණ්ඩු­වට මතක හිටින පාඩ­මක් ඉගැ­න්නුවේ.

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

රටට විශාල සේව­යක් කළ හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා 2015 වස­රේදි පරා­ජ­යට පත් වුණා. ඔහු සිටිය නම් රට මේ ආකා­ර­යට වැටී­මක් සිදු­වන්නේ නැහැ. 2015 වසරේ දි මහින්ද රාජපක්ෂ මහ­ත්ත­යාගේ පරා­ජය මේ රටට වැදුණු හෙණ­යක්. වත්මන් ආණ්ඩුවේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යක් නැහැ. බලය වෙනු­වෙන් නීතිය නවා ඕනෑම තීන්දු­වක් ගැනී­ට සූදා­නම්. අපි පක්ෂ­යක් විදි­යට ඒකට ඉඩ තියන්නේ නැහැ.

අපි ජන­තා­වත් එක්ක හැම­දාම හිටපු පක්ෂ­යක්. අපට ඒකයි කිසිම බියක් නැතිව ජන­තාව ළඟට යන්න පුළු­වන්. ජන­තාව දැන් සැබෑ තත්ත්වය තේරුම් ගෙනයි ඉන්නේ. මම හිතන්නේ නැහැ තව තවත් බොරු­ව­ලට රැව­ටෙයි කියලා. එහෙම රැව­ටෙන්න අපි ඉඩ තිය­න්නෙත් නැහැ."

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ReeCha