තෙල් ප්ලෑන් එක ෆේල්, ඊළඟට ඉල්ලන්නේ සුඩානයෙන්
මෙරටට නයිජීරියාවෙන් ඉන්ධන මිලදී ගැනීමට තිබූ සැලසුම් නයිජීරියා බොරතෙල් ආනයන සීමා කිරීම් සහ පිරිපහදු කළ නිෂ්පාදන ගනුදෙනු වෙනුවෙන් පෙර ලියාපදිංචි වීමේ අවශ්‍යතා නිසා අසාර්ථක වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව අඩු මිලට ඛනිජ තෙල් නිෂ්පාදන ලබා ගැනීමේ උත්සාහයක් වශයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) නයිජීරියාව සහ දකුණු සුඩානය වැනි තෙල් නිපදවන අප්‍රිකානු රටවල බලධාරීන් වෙත ලිපි යොමු කර තිබුණා.
එසේ වුවද නයිජීරියානු නිෂ්පාදකයන් හා ගනුදෙනු කරන අදාළ සැපයුම්කරුවන් සමඟ පිරිපහදු කළ නිෂ්පාදන මිලදී ගැනීමට නම් පූර්ව ලියාපදිංචියක් අවශ්‍ය වන බව පවසයි. එහෙත් ඒ වෙනුවෙන් දිගු කාලයක් ගත වෙන බව සඳහන්.
මෙම තත්ත්වය නිසාවෙන් මේ මොහොතේ නයිජීරියාවෙන් තෙල් මිලදී ගැනීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අපොහොසත් වී ඇති බව පවසයි.
එසේම දකුණු සුඩානය මෙම ක්ෂේත්‍රයේ සහයෝගීතාව වෙනුවෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිචාර දක්වා ඇති බවත් සඳහන්.
මේ අතර සුඩාන රජය ඉන්ධන මිලදී ගැනීම් සාකච්ඡා කිරීමට බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරට සංචාරයක් සඳහා ආරාධනා කර තිබෙනවා.
එහෙත් එම සංචාරය පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් මෙතෙක් ස්ථිර තීරණයක් ගෙන නැති බව පවසයි.

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්
