මෙහෙමත් තිරිසන්නු - දේවාලයට ගිය මල් කැකුළට ලිංගික අතවර
By Ashfa
විදේශයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයෙකු යාපනයේදී 14 හැවිරිදි දැරියක් ලිංගික අතවරයකට ලක් කර ඇති බවට චෝදනා එල්ල වී ඇති අතර, සැකකරු මේ වන විට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ දෙමාපියන් සමඟ එක්ව සූන්නාකම් පොලිස් ස්ථානයට පැමිණ නිළධාරීන්ට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
පැමිණිල්ලේ දැක්වුණේ, දේවාලයට ගිය අවස්ථාවකදී දැරිය අසභ්‍ය ක්‍රියා වලට ලක්වූ බවය.
පොලීසිය පවසා සිටින්නේ, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර හමුවූ සාක්ෂි මත සැකකරු අත්අඩංගුවට ගත් බවය.
පසුව ඔහු මල්ලාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, අධිකරණය විසින් සැකකරු දිනයන් 14ක් සිරගෙදර රදවා තැබීමට නියෝග කළේය.