ශ්‍රී ලංකා සෞදි අරාබිය මිතුදම අලුත් වේ - ද්විපාර්ශ්වික ණය ගිවිසුම් අත්සන් කරයි

Report

ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යටතේ, ශ්‍රී ලංකා රජය සහ සෞදි සංවර්ධන අරමුදල අතර සෞදි රියාල් මිලියන 516කට අධික අගයක් සහිත ද්විපාර්ශ්වික සංශෝධන ණය ගිවිසුම් අද (14) අත්සන් කරන ලදී.

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

මෙය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී වැදගත් තීරණාත්මක මඟපෑමක් ලෙස මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විශේෂයෙන් සදහන් කරයි.

ආර්ථික අභියෝග අතරතුරද සෞදි අරාබිය ශ්‍රී ලංකාවට අඛණ්ඩව මූල්‍ය සහය ලබාදී ඇති අතර, එය සංවර්ධන ව්‍යාපෘති ප්‍රවර්ධනයට හා ණය බර තැන්පත් කිරීමකට ද දායක වී ඇත.

විපක්ෂ නායකගෙන් හදිසි ප්‍රකාශයක්

විපක්ෂ නායකගෙන් හදිසි ප්‍රකාශයක්

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ සෞදි පාර්ශවය වෙනුවෙන් සෞදි සංවර්ධන අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී සුල්තාන් අල්මර්ෂාඩ් මහතා මෙම ගිවිසුම් අත්සන් කළහ.

එම සංචාරයේදී සෞදි අරමුදලේ මූල්‍යයනයෙන් ඉදිවූ වයඹ විශ්වවිද්‍යාල නගර සංවර්ධන ව්‍යාපෘතියද උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.

මෙම ගිවිසුම් ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර දිගුකාලීන සහයෝගීතාව තවදුරටත් තීව්‍ර කිරීමේ මඟක් බවද අමාත්‍යාංශය සදහන් කරයි.