මෙහෙමත් රටක් - පොලිස් කොමිසමට හොරු පැනලා කොල්ල කාලා

Report

මෑතකදී ජාතික පොලිස් කොමිෂන් සභාවේ ගිණුම් අංශයේ ගබඩාවෙන් රුපියල් 300,000 ක් වටිනා මුද්‍රණ යන්ත්‍ර ටෝනර් 6ක් සොරකම් වී ඇති බව කුරුඳුවත්ත පොලිසියට ලද පැමිණිල්ලක දැක්වෙයි.

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ ගබඩාව භාරව සිටින කළමනාකරණ සේවා නිලධාරිනියකි.

සිද්ධියට අදාල දිනයේදී, ඇය පොලිස් කොමිෂන් සභාව වෙත ආපසු පැමිණෙන අවස්ථාවේ එළිමහන් භූමියේ තිබූ කාඩ්බෝඩ් පෙට්ටියක් තුළ සිට ටෝනර් 9ක් සොයාගෙන තිබුණා.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

පසුව ඒවා ගිණුම් අංශයට ගෙන ගොස් පරීක්ෂා කළ විට, ඒවා විවිධ වර්ග දෙකකට අයත් වන අතර සියල්ල විවෘතව තිබූ බව පොලීසිය පවසයි.

පැමිණිල්ලට අනුව, මැයි 9 වන දින ටෝනර් 8ක් ගබඩාවට ලැබී ඇති අතර, ඒවාගෙන් එකක් අභ්‍යන්තර අංශය වෙත නිකුත් කර ඇත.

ජුනි 9 වැනිදා මහජන පැමිණිලි අංශයේ නිලධාරියෙකු විසින් ටෝනර් පිළිබඳ විමසීමක් කළ අවස්ථාවේදී, අදාළ නිලධාරිනිය ඒවා සොයා බැලූ විට නොමැති බව තහවුරු කර ඇත.

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

ඇය එය ආයතන ප්‍රධානීන් වෙත දැනුම්දී, පසුව පොලිසියට පැමිණිලි කර තිබේ. අස්ථානගත වූ එක් ටෝනරයක වටිනාකම රුපියල් 47,200ක් ලෙස සටහන් වෙයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර, අපරාධ වාර්තා කොට්ඨාසයේ ඇඟිලි සටහන් විශේෂඥයින් ද කැඳවා වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටිති.