හෝමාගම පොලිසියෙන් තිළිණි පියුමාලිට පෙනී සිටින්න නියෝගයක්

Sri Lanka Police Law and Order Latest Headlines Sinhala news
By Ashfa Jul 14, 2025 03:56 PM GMT
Ashfa

Ashfa

Report

හෝමාගම දිසා අධිකරණයේ සිතාසි බෙදන්නකුට සහ ඇස්කිසි ක්‍රියාත්මක කරන්නකුට බාධා කිරීමක් සිදු කළේ යයි චෝදනා වන ව්‍යාපාරිකා තිළිණි පියුමාලි මහත්මිය හෙට (15) දින හෝමාගම මූලස්ථාන පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස අධිකරණය අද (14) නියෝග කළාය.

විපක්ෂ නායකගෙන් හදිසි ප්‍රකාශයක්

විපක්ෂ නායකගෙන් හදිසි ප්‍රකාශයක්

මෙය සම්බන්ධයයෙන්, පසුගිය ජුනි 16 දින අධිකරණය ඉදිරියේදී සිතාසි බෙදන්නාට බිය වචන භාවිත කරමින් එම සිතාසිය උදුරාගෙන, එහි පිටුපස යම් කුරුටු ලියමින් ආපසු එය බෙදන්නාට දැමීමක් සිදුවූ බව අරුණ ප්‍රේමශාන්ත නම් සිතාසි බෙදන්නා පැමිණිල්ලක් මගින් සදහන් කර ඇත.

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

පොලිසිය මේ වනවිට විමර්ශන කටයුතු කරමින් ඇති අතර, වරදකාරයා ලෙස තිළිණි පියුමාලි තවම හඳුනාගෙන නැති බැවින් ඇය අධිකරණය හමුවේ පෙනී සිටිය නොහැකි බවත්, පොලිසියෙන් මෙවන් සූක්ෂම සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන ප්‍රමාදවීම පිළිබඳ අධිකරණය දැඩිව විවේචනාත්මක ලෙස අදහස් පළ කළාය.

ReeCha