අල්ලස් නඩු දෙකකින් ජොන්ස්ටන් නිදොස් කොට නිදහස්

Bribery
By Thaya Mar 26, 2021 05:48 PM GMT
Thaya

Thaya

Report

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති නඩු දෙකකින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඒ වර්ෂ 2010 සිට 2014 දක්වා කාලය තුල සමූපකාර තොග වෙළද සංස්ථාවේ සේවකයින් 153 දෙනෙකු නිසි රාජකාරියට පරිභාහිර ව දේශපාලන කටයුතුවලට යෙදවීමෙන් රජයට රුපියල් ලක්ෂ 400 ක පාඩුවක් සිදු කර ඇති බවට චොදනා කරමින් අල්ලස් කොමිෂම අමාත්‍යය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළ නඩු දෙකක් සම්බන්ධයෙනි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ කොළඹ මහාධිකරණය මෙම නඩු පවරා ඇති ආකාරය නීතියට පටහැනි ලෙසට ප්‍රකාශයට පත් කරමින් අමාත්‍යවරයා නිදහස් කිරීමට කළ නියෝගය අනූවයි. කොළඹ මහාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබුණේ ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් ගොනු කළ ප්‍රතිශෝධනය පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුවයි. ඒ අනුව අල්ලස් කොමිෂන් සභාව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති නඩු කටයුතු අල්ලස් කොමිෂන් සභා පනතේ ප්‍රතිපාදන වලට පටහැනි ලෙසට ගොනු කර ඇති බවට මහාධිකරණය තීරණය කරනු ලැබුවා.