තවත් රට රැකියා සිහින දකින්නන් පිරිසකට රැකියා අවස්ථාවන්..

Manusha Nanayakkara Sri Lanka Politician Sri Lanka Israel
By krishani Jun 03, 2023 05:49 AM GMT
krishani

krishani

Report

ලබන 05 වනදා ඊශ්‍රායලයේ සාත්තු සේවයේ රැකියා සඳහා 12 දෙනෙකුගෙන් යුත් තවත් කණ්ඩායමක් දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

ඒ විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණ අධිකාරිය අතර 2000 වසරේ දී ඇති කරගෙන ඇති ගිවිසුමකට අනුවයි.

ඒ අනුව ඊශ්‍රායලයේ සාත්තු සේවය සදහා පිටත්ව යා හැක්කේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් ය. 

මේ අතර රජය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, පිටස්තර පුද්ගයින් මඟින් එම අවස්ථාවන් උදාකර ගැනීම සදහා උත්සාහ නොකරන මෙන් ය.

ඔවුන් සදහා ගුවන් ටිකට් පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර අතින් සිදුවිය.

කෙසේවෙතත්, මේ දක්වා 2022 වසරේ සිට කණ්ඩායම් 58ක ශ්‍රී ලාංකිකයින් 362 දෙනෙකු ඊශ්‍රායලයේ සාත්තු සේවය සදහා පිටත්ව ගොස් ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join