ආගමට සංහිදියාවට අපහාස කළ දේවගැතිවරයා ගැන ජනපති ගෙන් පිය්වර..
දේවගැතිවරයෙකු ආගමික සංහිඳියාවට හානි වන අයුරින් ප්‍රකාශයක් කිරීම පිළිබඳ වහාම පරීක්ෂණයක් කර තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබෙනවා වගකීම් විරහිත හිතළු ප්‍රකාශ නිසා ආගමික ගැටුම් නිර්මාණය වී එය රටේ සංහිඳියාවට බලපෑමක් විය හැකි බවයි ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා වෙත එම නියෝගය ලබා දෙමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ.
ඒ අනුව දේවගැතිවරයා කළ ප්‍රකාශය පිළිබඳව ජනාධිපතිවරයා දුන් නියෝග පරිදි වහා පරීක්ෂණයක් අරඹන ලෙස සාගල රත්නායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.
ජෙරම් ප්‍රනාන්දු නමැති කිතුණු දේවගැතිවරයා විසින් සිදුකරන ලද ප්‍රකාශයකට අදාළ වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර එය රට තුළ මහත් ආන්දෝලනයට තුඩුදුන්නා. ඔහු එහිදී කළ ප්‍රකාශවලින් බුදුන්වහන්සේට මෙන්ම තවත් ආගමික විශ්වාසයන්ට නිගරු වන බවට දැඩි දෝෂාරෝපණ එල්ල වුණා.
ජෙරම් ප්‍රනාන්දු නමැති කිතුණු දේවගැතිවරයාගේ මෙම ප්‍රකාශයට එරෙහිව නව භික්ෂු පෙරමුණ අද (15) කොටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර භික්ෂූන්වහන්සේ එමගින් ඉල්ලා සිටින්නේ වහාම ආගමික අරගලයක් ඇතිවීමට පෙර මෙම දේවගැතිවරයා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.
බුදුදහම ප්‍රමුඛව අනෙකුත් ආගම්වලට එරෙහිව අපහාසාත්මක විවේචන කළ මෙම පුද්ගලයාට එරෙහිව නිතීය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා පිවිතුරු හෙළ උරුමය ද අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේ.