යළි යළිත් සමාව ඉල්ලන ජෙරම්.
දේවගැති ජෙරම් ප්‍රනාන්දු බෞද්ධ, හින්දු ඉස්ලාම් ජනතාවගෙන් යළි සමාව ඉල්ලා තිබෙනවා.
ඒ පෙරේදා (26) දින නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවති ආගමික දේශනයකට අන්තර්ජාලය ඔස්සේ එක්වෙමින් ය.
රට තුල දැඩි කතාබහට ලක්වුයේ, දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ආගමික දේශනයක දී කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ය.
ඒ බුදුන් වහන්සේට සහ අනෙකුත් ආගමික විශ්වාසයන්ට නිගරු වන බවට පාර්ශව රැසක් චෝදනා කිරීමත් සමගයි.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳ විමර්ශනයක් ද ආරම්භ කළේ ය.
ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබු අතර ඒ වනවිටත් ඔහු විදෙස්ගතව සිටියේ ය.
කෙසේවෙතත්, දේවගැති ජෙරම් ප්‍රනානදු පසුගියදා ආගමික දේශනයකට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් කියා සිටියේ තමන් කළ ප්‍රකාශයෙන් යම් සිත් රිදවීමක් සිදුවූයේ නම් එයට සියලු ආගමික පාර්ශවයන් වෙතින් සමාව ඉල්ලා සිටින බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |