මාලිමාවෙන් පාර්ලිමේන්තු එන්න පොරයක්..12ක් තෝරගන්න 500ක් සටනට.

National Peoples Party Anura Kumara Dissanayaka Janatha Vimukthi Peramuna AKD
By Aruna Oct 05, 2024 07:26 AM GMT
Aruna

Aruna

Report

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම සඳහා ජාතික ජන බලවේගයට විශාල ඉල්ලීම් ප්‍රමාණයක් ලැබෙමින් ඇති බව එම පක්ෂයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කර සිටිනවා.

මහනුවර දිස්ත්‍රික්කයට සඳහා පමණක් ජාතික ජන බලවේගයෙන් තරග වැදීමට අපේක්ෂකයන් පන්සියයක් පමණ අයදුම්කර ඇති බවයි හෙතෙම ප්‍රකාශ කළේ.

ජනප්‍රිය යූටියුබ් තරුවක් වන අශේන් කොළඹින් පාර්ලිමේන්තු මැතිවරණ සටනට..රටේ සියලු තරුණයින්ගෙන් විශේෂ ඉල්ලීමක්.(VIDEO/PHOTOS)

ජනප්‍රිය යූටියුබ් තරුවක් වන අශේන් කොළඹින් පාර්ලිමේන්තු මැතිවරණ සටනට..රටේ සියලු තරුණයින්ගෙන් විශේෂ ඉල්ලීමක්.(VIDEO/PHOTOS)


නමුත් මහනුවර දිස්ත්‍රික්කය සඳහා තරග වැදිය හැක්කේ එක් පක්‍ෂයකින් හෝ ස්වාධීන කණ්ඩායමකින් 15 දෙනෙකු පමණක් බවත් ඉන් දිස්ත්‍රික්කයෙන්ම තෝරාගන්නේ මන්ත‍්‍රීවරුන් 12 දෙෙනකු පමණක් බවයි ලාල්කාන්ත මහතා පෙන්වා දෙන්නේ.

දැනට ඉදිරිපත් වී ඇති අයදුම්පත් අතරින් හැට දෙනෙකු සම්බන්ධයෙන් පක්ෂය විසින් අවධානය යොමු කර ඇති බවත් ඉන් අවසන් 15 දෙනා තෝරා ගැනීමට කටයුතු කරනු ඇති බවයි හෙතෙම කියා සිටියේ.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, ජාතික ජන බලවේග අපේක්ෂකයන් මනාප අංක ප්‍රදර්ශනය කරන නමුත් පෞද්ගලිකව මනාප ඉල්ලා සිටීමක් සිදු නොකරන බවයි.