අද සවස 3.00ට කොළඹදී කරන්න යන දේ ගැන දැනුම් දීමක්...

Report

ආණ්ඩුවට එරෙහිව කොළඹදී අද විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව ජාතික ජනබලවේගය පවසනවා.

ඒ, අද පස්වරු 3.00ට කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදීයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් දැමීමට ගන්නා උත්සාහය, බදු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු රැසක් මුල් කර ගනිමින් එම විරෝධතා ව්‍යාපාරය පවත්වන බවයි ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේ.

ඊට රට පුරා සිටින සිය සාමාජිකයන් බොහෝ පිරිසක් එක්වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now