සුරූපි නිළි ජැකලීන්ට නොතීසි!

Sri Lanka India Indian Actress Sri Lankan Actress
By Sithumi Sep 02, 2022 11:05 AM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකා සම්භවයක් සහිත බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස්ට, කොම්මන් සුකේෂ් චන්ද්‍රශේකර් සම්බන්ධ කෝටි ගණනක මුදල් විශුද්ධිකරණ නඩුවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමකට එළඹෙන 12 වැනි දා දිල්ලි පොලිසියේ පෙනී සිටින්නැයි දන්වමින් නොතීසි යවා තිබෙනවා.

මේ අතර එම නඩුවට අදාළව සැප්තැම්බර් 26 වැනිදා ද ඇයව දිල්ලි අධිකරණය විසින් ද කැඳවා තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මේ මස මුල දී, රුපියල් කෝටි 200ක කප්පම් නඩුවේ මුදල් සම්බන්ධව විමර්ශනය කරන බලාත්මක අධ්‍යක්ෂ මණ්ඩලය, ජැකලින් ෆර්නැන්ඩස් විත්තිකාරියක් ලෙස නම් කළ අතර විමර්ශන ඒජන්සිය විසින් දිල්ලි අධිකරණයට ගොනු කරන ලද අතිරේක චෝදනා පත්‍රයේ නළුවා චූදිතයෙකු ලෙස නම් කර තිබෙනවා.

දිල්ලි පොලිසිය විසින් චන්ද්‍රශේඛර් අත්අඩංගුවට ගෙන තිබුණේ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ දැවැන්තහ සමාගමක හිටපු ප්‍රවර්ධකයින්ගේ සහ සාමාජිකයින් වන අදිත් සිං සහ ශිවේන්දර් සිංගෙන් රුපියල් කෝටි 215 ක පමණ මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන්. චන්ද්‍රසේකර්ගේ බිරිඳ ලීනා මරියා පෝල්, පිංකි ඉරානි ඇතුළු 8 දෙනෙකු මේ වන විට විමර්ශන ඒජන්සිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර චෝදනා පත්‍ර දෙකක් ද ගොනු කර තිබෙනවා.

එහි දී චන්ද්‍රශේකර් විශුද්ධිකරණය කළ බව කියන මුදල් පරිහරණය කළ ආකාරය විමර්ශන ඒජන්සිය සිය පළමු චෝදනා පත්‍රයේ සඳහන් කර ඇති අතර ඔහු වංචා කළ මුදලින් රුපියල් කෝටි 5.71ක් වටිනා තෑගි ජැකලින්ට ලබා දී ඇති බවයි. කෙසේ නමුත් අදාල අපරාධයේ ආදායමෙන් තෑගි මිල දී ගත් බව ඇය දැන සිටි බවට විමර්ශන ඒජන්සිය චෝදනා කරන අතර ඇයගේ නීතිඥවරයා කියා සිටින්නේ ඇය "කුමන්ත්‍රණයක ගොදුරක්" බවයි.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
join now


ReeCha