ජ,පුරේ කළමනාකරණ පීඨය හදිසියේම වැසේ.

Report

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ, සිසුන් හයකගේ පන්ති තහනම් කිරීමේ සිද්ධියකට එල්ල වූ සිසු විරෝධය හේතුවෙන් බවයි විශ්වවිද්‍යාලයේ උසස් නිලධාරියෙක් කියා සිටියේ.

විනය හේතූන් මත එම විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකගේ පංති තහනම් කර ඇති අතර එම තීරණයෙන් අනතුරුව උපකුලපතිවරයාගේ කාර්යාලය අසළට පැමිණ විශාල සිසුන් පිරිසක් කළ බලපෑමක් හේතුවෙන් කළමනාකරණ පීඨය තාවකාලිකව වසා දැමීමට මෙලෙස පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.